මීගමු බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 21 වැනිදා

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළා.

ඒ සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ය.

එමෙන්ම තවත් සැකකරුවන් 38 දෙනෙකු නම් කළ අතර එහිදි එම සැකකරුවන් අද (07) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (07) නියෝග කළා.

ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කල අතර 38 දෙනෙකු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සාක්ෂිකරුවන් වන නිලධාරීන් බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා තවමත් රෝහලේ බැවින් පෙරට්ටුව ලබන 21 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

එමෙන්ම අද දින ඉදිරිපත් කල සැකකරුවන් ද එදින දක්වා එනම් අගොස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළා.

අද දින නම් කල සැකකරුවන් 24 දෙනාද අගෝස්තු 21 වැනිදාට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කරනු ලැබුවා.

ආරක්ෂක හේතු මත එම සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරිය අතට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (07) කැඳවනු ලැබුවා.

එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 38 දෙනෙකු පෙර දිනයේ නම් කළ බවත් අද දින තවත් සැකකරුවන් 24 දෙනෙකු හඳුනා ගෙන ඇති බැවින් ඔහු නම් කිරීමට අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ රැදි බන්ධනාගාරය තුල රැඳි සිටි සිර අංක 4423 අංක දරණ කුරුප්පුආරච්චිලාලේ සුරේෂ් පුෂ්පකුමාර හෙවත් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 38 අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මීට පෙර අවස්ථාවේ දී සැකකරුවන් පස් දෙනෙකුගේ නම් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අනාවරණය කල අතර ආරක්ෂක හේතුන් මත අනෙක් සැකකරුවන්ගේ විවෘත අධිකරණයට ඉදිරිපත් නොකල අතර එම සැකකරුවන්ගේ නම් හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඉදිරිපත් කරන බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක මධුරංග මෙසේ සඳහන් කළා.

”ස්වාමීනි,
මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට සහ නිලධාරීන්ට හැකියාව තිබෙනවා. එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දින සැකකරුවන් 38 ක් බුස්ස බන්ධනාගාරයෙන් සහ පල්ලන්සේන බන්ධනාගාරයෙන් ගෙනත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනවා. එමෙන්ම අද දින නම් කරන සැකකරුවන් ඔබතුමීය නම් කරන දිනයකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරය වෙත බන්ධනාගාර අඥාවක් නිකුත් කරමින් නියෝග කළේ සැකකරුවන් සියලු දෙනා අගොස්තු 21 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එහීදි එම නිලධාරීන් සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නඩුකරය පස්වරු 2.00ට යළි කැඳවනු ලැබුවා.

එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ලබන අගෝස්තු 21 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කළ අනතුරුව අදාළ සැකකරුවන් එදින දක්වා (අගෝස්තු මස 21 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50