කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ වෙනත් වැඩකට යොදා ගැනීමේ සැලසුම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මැක්ස් ප්ලැන්ක් පදනම (Max Planck Foundation for International Peace and the Rule of Law) අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන සම්බන්ධීකාරක ලෙස සහයෝගය ලබා දෙන මැක්ස් ප්ලැන්ක් පදනම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ජොහෑන්ස් කෘස්මාර්ක් (Johannes Krusemark) , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හේලී නිකෝල් එවන්ස් (Hayley Nicole Evans) සහ නීති උපදේශක රුවිනි පෙරේරා මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

එහිදී යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා මැක්ස් ප්ලැන්ක් පදනම විසින් සකස් කර ඇති ව්‍යාපෘති යෝජනාවලිය කථානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවා.

කථානායක නිල නිවස යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය බවට පරිවර්තනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවේදී අදහස් දැක් වූ කථානායකවරයා සඳහන් කළා.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස,

  • පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පුහුණු කිරීම,
  • ප්‍රතිපත්ති පර්යේෂණය සහ විශ්ලේෂණ සඳහා අධ්‍යයන අවස්ථා ලබා දීම,
  • පාර්ලිමේන්තුව මඟින් සම්පාදනය කරන නීති සහ පෙර සම්මත කරන ලද පනත් පිළිබඳ මහජන අදහස් ලබාගෙන ඒවායේ ප්‍රයෝජනවත්භාවය නැවත ඇගයීම (Post-Legislative Scrutiny),
  • ඒ සම්බන්ධයෙන් පර්යේෂකයන්ට සහ විද්වත් පාර්ශ්වයන්ට දායක වීමට අවස්ථාව සැලසීම යන කරුණු කථානායකවරයා අවධාරණය කළා.

මෙම යෝජනාවලිය සකස් කිරීමේදී ඉන්දියාවේ ලෝක් සභාවේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු පර්යේෂණ ආයතන පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ද කථානායකවරයා
පෙන්වා දුන්නා.

එමෙන්ම, යෝජිත ආයතනය ස්ථාපිත කිරීම සඳහා සම්පත් දායකයෙක් ලෙස මැක්ස් ප්ලැන්ක් පදනම ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඔහු සිය ස්තුතිය පළ කළා.

යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තම ආයතනය සූදානම් බව මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළා.

මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරමින් පවතින ව්‍යාපෘති යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත අවසන් කර භාර දීමට අපේක්ෂා කරන බවයි.

මැක්ස් ප්ලැන්ක් පදනම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ද එම ක්‍රියාවලියේදී සලකා බලන බවත්, ඒ සඳහා පදනම වෙත ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසුවා.

එම කමිටුවේ අනෙකුත් කමිටු සමාජීකයින් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක කාන්ති පිරීස් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර යි.

මෙම සාකච්ඡාවට කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ සහ සම්බන්ධීකරණ ලේකම් ජනක මහේෂ් අතපත්තු ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52