බන්ධනාගාර ගතකර සිටින අකිලගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ කාරියවසම්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරාල විසින් විශේෂ ලිපියක් වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් මහ ලේකම්වරිය දන්වා ඇත්තේ අගෝස්තු මස 18 වන දින තෙක් මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින අකිල විරාජ කාරියවසම්, වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයාගේ භාරයට පත් කර ඇති බවයි.

ඒ, අනුව ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු බව තවදුරටත් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

එමෙන්ම වැඩ බලන කොමසාරිස් ජනරාල්වරයා හමු වී සාකච්ජාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට සහ තමාට කඩිනමින් වේලාවක් ලබා දෙන ලෙසයි මහ ලේකම්වරිය අදාළ ලිපිය මඟින් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2026 08 07 at 5.16.31 PM