දිවයිනේ බන්ධනාගාර කිහිපයක රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට මේ වනවිට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ, අනුව එම බන්ධනාගාරයේ අවට ප්‍රදේශයට යුද හමුදා සාමාජිකයින් යොදවා ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මාතර බන්ධනාගාරයේ සහ බදුල්ල බන්ධන්ගාරයේ ආරක්ෂාව ද තර කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.













