ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු සහ අවසන් 20-20 තරග සඳහා ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විසස තරගාවලිය අද (28) ආරම්භ වනවා.

මවුන් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරග මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ සහ තුන්වන තරගය සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර සියල්ලම මේ වනවිට අලෙවි වී ඇති බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වුණේ.

මෙම තත්ත්වය මත අද තරගය සඳහා තවත් අමතර ප්‍රවේශපත්‍ර 500ක් ද නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ප්‍රේක්ෂකයින් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි බේ ඕවල් ක්‍රීඩාංගණයේ වැඩි පිරිසක් බිම වාඩි වී තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගෙන ඇති බව සඳහන්.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙවන තරගයේ ප්‍රවේශ පත්‍ර තවමත් ඉතිරි වී ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා විස්සයි විස්ස තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 14ක් නවසීලන්තය ද තරග 10ක් ශ්‍රී ලංකාව ද ජයගෙන තිබෙනවා.

එක තරගයක් අවසන් වී ඇත්තේ ප්‍රතිඵලයකින් තොරවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50