ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දෙන්න අවස්ථාවක් දෙන්න – පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ක්‍රිකට් ආයතනයට සහය දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායමේ හිමිකරු ජාවෙඩ් අෆ්රිඩි විසින් මෙම ලිපිය එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල ලිපිය මඟින් ඔහු පෙන්වා දී ඇත්තේ සමාජ, ආර්ථික නොසන්සුන්තාවයේ අඳුරු හෝරාවක් පවතින මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තත්ත්වය පවත්වා ගැනීමට උපකාර කිරීමට තමන් කැමති බවයි.

ක්‍රිකට් වලට මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ලබාදී ඔවුන්ව ඒකරාශී කිරීමට බලයක් ඇති බව පේනවා දෙන ජාවෙඩ් අෆ්රිඩි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට සහ සාමාන්‍ය ජනතාවට ඕනෑම විපතක් ජය ගැනීමට හැකියාවක් ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම අභියෝගාත්මක මෙම කාලවකවානුවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු අතර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සෑම ක්‍රීඩකයෙක්ම ජාතික අභිමානයක් බවයි ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස, මෙම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා අහිමි වුවහොත් එය විශාල පාඩුවක් වනු ඇතැයි බවට තමන් විශ්වාස කරන බව ජාවෙඩ් අෆ්රිඩි මෙම ලිපියෙන් පවසා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දැක්වීමට සහ අනුග්‍රහය දැක්වීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකාවේ නිසි බලධාරීන්ගෙන් සහ පාකිස්තානයේ අදාළ බලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06