ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දෙන්න අවස්ථාවක් දෙන්න – පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ක්‍රිකට් ආයතනයට සහය දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායමේ හිමිකරු ජාවෙඩ් අෆ්රිඩි විසින් මෙම ලිපිය එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල ලිපිය මඟින් ඔහු පෙන්වා දී ඇත්තේ සමාජ, ආර්ථික නොසන්සුන්තාවයේ අඳුරු හෝරාවක් පවතින මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තත්ත්වය පවත්වා ගැනීමට උපකාර කිරීමට තමන් කැමති බවයි.

ක්‍රිකට් වලට මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ලබාදී ඔවුන්ව ඒකරාශී කිරීමට බලයක් ඇති බව පේනවා දෙන ජාවෙඩ් අෆ්රිඩි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට සහ සාමාන්‍ය ජනතාවට ඕනෑම විපතක් ජය ගැනීමට හැකියාවක් ඇති බවට තමන් විශ්වාස කරන බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම අභියෝගාත්මක මෙම කාලවකවානුවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු අතර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සෑම ක්‍රීඩකයෙක්ම ජාතික අභිමානයක් බවයි ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස, මෙම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා අහිමි වුවහොත් එය විශාල පාඩුවක් වනු ඇතැයි බවට තමන් විශ්වාස කරන බව ජාවෙඩ් අෆ්රිඩි මෙම ලිපියෙන් පවසා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දැක්වීමට සහ අනුග්‍රහය දැක්වීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකාවේ නිසි බලධාරීන්ගෙන් සහ පාකිස්තානයේ අදාළ බලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39