ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක දරිද්‍රතාව ඉහළට – ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති අතර විදුලි කප්පාදුවට ද හුරු වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ .

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, ඉහළ ගොස් ඇති ආහාර සහ බලශක්ති මිල මෙන්ම ඉහළ උද්ධමනය සමඟ මහ බැංකුවලට සටන් කිරීමට සිදුවීම දකුණු ආසියාවේ ආර්ථිකයන්ට බලපෑම් එල්ල කර ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම රටවල වෙළඳාම සහ නිෂ්පාදනය හැකිලී ඇති බැවින් එය එම රටවල සිටින පවුල්වල සැබෑ අදායමට බලපා ඇති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දී ඇත්තේ.

පවතින ආර්ථික අර්බුද හමුවේ ඇතැම් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති බවත් තවත් රටවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආනයන සීමා පනවමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

බාහිර ණය ගෙවීමට, ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට විදේශ සංචිත හිඟ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 9.2 කින් හැකිළී ඇති අතර මෙම වසරේ එය සියයට 4.2 දෙකකින් හැකිළෙතැයි පුරෝකථනය කරන බවත් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාවේ සඳහන්.

කලාපයේ ආර්ථිකය 2022 වසරේ සියයට 6.1 ක් දක්වා මන්දගාමී වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එය 2023 වසරේදී තවත් පහළට යමින් සියයට 5.5ක් දක්වා තවත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කරන බවත් එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19