ශ්‍රී ලංකාවේ “බෞද්ධ භාවනා ආරාම” ලෝක උරුම ලැයිස්තුවට

උරුමයට ජීවයක් – පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනා ආරාම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහන ඊයේ (21) අනුරාධපුර – ඉපලෝගම “මානෑකන්ද” පුරාවිද්‍යා ස්ථානයේ දී පැවැත්වුණා.

මේ සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ගමගෙදර දිසානායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා හා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂක වාස්තු විද්‍යාඣ ප්‍රසන්න බී රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අද්‍යෂක , රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී වී සිටියා.

1972 වසරේ සම්මුතිය අනුව සුවිශේෂී විශ්වීය වටිනාකමක් සහිත ස්ථාන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ දැනට ලෝක උරුම ස්ථාන අටක් පවතිනවා.

ඒ යටතේ මානෑකන්ද, රිටිගල, අරන්කලේ සහ මාලිගාතැන්න ඇතුළු ස්ථාන පහක් නාමයෝජනා කිරීමට අපේක්ෂිතයි.

ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසත් දහවන සියවසත් අතර භික්ෂූන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා නිර්මාණය කළ මෙම භාවනා ආරාම ලෝකයේ සුවිශේෂී නිර්මාණ ලෙස සැලකෙන අතර, ඒවා ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18