spot_imgspot_img

ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 93ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා.

නායක දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත් අතර පැතුම් නිස්සංක 40යි.

පන්දු යැවීමේදී Taskin Ahmed සහ Shoriful Islam කඩුලු දෙක බැගින් බිඳහෙලුවා. Hasan Mahmud කඩුලු 3ක් දවා ගත්තා.

තරගය ජය ගැනීමට ලකුණු 258ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි.

Towhid Hridoy ලකුණු 82යි. Mehidy Hasan ලකුණු 28ක් සහ Mushfiqur Rahim ලකුණු 29ක් ලබා ගත්තා.

මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නායක දසුන් ශානක බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වුණා.

සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරගය ලබන සඳුදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?