ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 93ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා.

නායක දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත් අතර පැතුම් නිස්සංක 40යි.

පන්දු යැවීමේදී Taskin Ahmed සහ Shoriful Islam කඩුලු දෙක බැගින් බිඳහෙලුවා. Hasan Mahmud කඩුලු 3ක් දවා ගත්තා.

තරගය ජය ගැනීමට ලකුණු 258ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි.

Towhid Hridoy ලකුණු 82යි. Mehidy Hasan ලකුණු 28ක් සහ Mushfiqur Rahim ලකුණු 29ක් ලබා ගත්තා.

මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නායක දසුන් ශානක බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වුණා.

සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරගය ලබන සඳුදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46