ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම වැඩි ඡන්දයෙන් සම්මතයි – ආධාරත් කපාහැරේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පලකරමින් රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලන
මහා සභා රැස්වීමේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර දී මෙම රැස්වීම පැවැත් වුණා.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම වැනි කරුණු කිහිපයක් සළකා බලා මෙලෙස රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, යළිත් වරක් FIFA සභාපති ලෙස වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන ජියානි ඉන්ෆැන්ටිනෝ තේරීපත්ව තිබෙනවා.

ඔහුගේ මෙම පත්වීම 2023-2027 කාලය සඳහා වලංගු වනු ඇති.

මේ අතර, මෙවර ලෝක පාපන්දු සම්මේලනයට බිලියන 7.6ක වාර්තාගත ආදායමක් ලැබී ඇති අතර, රටවල් අතර බෙදා දෙන ආධාර 30% කින් වැඩි කිරීමට රුවන්ඩාවේ පැවති 73 වැනි FIFA සම්මේලනයේදී අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?