වෙළඳ අමාත්‍යවරයාට විදේශගතවීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කෙරේ

2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් හා දාම් ලෑලි සතොස ආයතනය මගින් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටින වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළා.

මෙම නඩුව අද අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී විත්තිකාර අමාත්‍ය නලින් රුවන් ජීව ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයාට වෙළෙඳ කටයුතු පිළිබඳ රැස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය ව තිබෙන බවයි.

ඒ සඳහා විත්තිකාර අමාත්‍යවරයාට අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 15 වනදා සිට 24 වනදා දක්වා තාවකාලිකව ඉවත්කර ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල කාලසීමාව තුළ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා ඇතුළු අංශවලට නියෝග කළා.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි තවත් විත්තිකරුවකූ වශයෙන් නම් කර සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

2014 වසරේ සැප්තැම්බර් මස පළමුවනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් වෙලද ඇමති නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15