අලව්ව වෙදගෙදර නිෂ්පාදකයෝ අනුකරණය කළ නිෂ්පාදනයකට වාරණ නියෝගයක්

අලව්ව වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම (Alawwa Wedagedara Producers (Pvt) Ltd), විසින් භාවිතා කරනු ලබන ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කරමින් සහ ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමයට ශබ්ධමය වශයෙන් හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකමක් ඇති වෙළෙඳ නාමයක් භාවිතා කිරීම, එකී වෙළෙඳ නාමයට සමාන නමක් යොදා ගනිමින් ආයුර්වේද නිෂ්පාදනයක් සිදු කිරීම සහ බරඅඩු කරගැනීම සඳහා ඹෟෂධයක් නිෂ්පාදනය කිරීම හෝ වෙනත් නිෂ්පාදනයක් කිරීම මෙන්ම අලව්ව වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම විසින් ස්වකීය ‘Garsy-Herbal Candy’ යන වෙළෙඳ නාමය යටතේ සිදු කරනු ලබන නිෂ්පාදන, ප්‍රචාරය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එකී සමාගම විසින් යොදා ගනු ලබන වෙළෙඳ දැන්වීම් අනුකරණය කිරීම, වෙළෙඳ නාම හෝ වෙළඳ ලකුණු අනුකරණය කිරීම සහ ඊට ආනුෂාංගික තවත් කටයුතු සිදු කිරීම වළක්වාලමින් සදර්න් ආයුර්වේද පුද්ගලික සමාගමට (Southern Ayurveda (Pvt) Ltd) එරෙහිව පසුගිය 12 වැනිදා, කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළා.

අලව්ව වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම (Alawwa Wedagedara Producers (Pvt) Ltd) පැමිණිලිකරු ලෙස ඉහත කී විත්තිකාර සදර්න් ආයුර්වේද පුද්ගලික සමාගමට (Southern Ayurveda (Pvt) Ltd) එරෙහිව පවරන ලද අංක. CHC 08/2026 IP දරණ නඩුවේ කරුණු වර්ෂ 2026 පෙබරවාරි මස 12 වන දින කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ තහවුරු කරන ලද අතර එදින එකී අධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව ඉහත කී වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර ප්‍රමුඛ නීතීඥ මඩුල්ලක් විසින් වාණිජ මහාධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44
Video thumbnail
ගම්මන්පිලට රහසිගතව ලැබුණ කථානායකට විරුද්ධ සාක්ෂි - ලිඛිත සාක්ෂි 10ක් ලැබුණා
06:06
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර
01:36
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05