වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති අයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.
බෝයගනේ, නයිලිය ප්‍රදේශයේ පිහිටි තම පියාට අයත් ඉඩමේ මුර මඩුවේ තිබී පියාගේ සිරුර මෙලෙස හමු වූ බවයි මිය ගොස් ඇති පුද්ගලයාගේ පුතෙක් පොලීසියට පවසා ඇත්තේ.
මිය ගිය පුද්ගලයාට අයත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද සිරුර තිබූ ස්ථායේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙය සියදිවි නසාගැනීමක් බවට විශ්වාස කරන නමුත්, ඊට හේතුව මේවන තෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
කුරුණෑගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරනු ලබනවා.