දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වනවිට සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.
අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මවම වැඩ වර්ජනයේ නිරත වනවා.
දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනයෙන් පසු සිය ඉල්ලීම්වලට රජය විසින් විසඳුම ලබා නොදුනහොත් ලබන සතියේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක යොමුවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ වනවිට ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය ඇතුළු රජය වගකිව යුතු බව ද ඔහු මෙහිදී පැවසුවා.
සාමාන්‍ය දිනක දී ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර 325ත් 300ත් අතර ප්‍රමාණය මෙම වැඩ වර්ජනයත් සමඟ අද (17) සවස්වන විට උපරිම දුම්රිය 25ක් පමණ ධාවනය කෙරෙනු ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළා.
මේ අතර විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909ක් සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගෙන ඇති බව අදාල නිවේදනය මඟින් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ.














මේ කාලකන්නි දන්නේ ස්ට්‍රයික් කරන්න විතරයි. මුන්ගේ රස්සාව ස්ට්‍රයික් කරන එක. මුන්ව දුම්රිය සේවයනුත් එළවලා, ලංකාවෙනුත් එලවන්න. යන්තම් සංචාරකයන් එනවා විතරයි, මේ නරුමයෝ ස්ට්‍රයික් කරනවා. මුංට දීලා තියෙන රේල්වේ ගෙවල් ආපහු අරගෙන, මුංට හොඳ රස්සාව කක්කුස්සි හෝදන එක. අර මහනුවර ස්ටේෂන් එකේ ඒවා මුංට හොඳටම හොඳයි
MINISUN KOTHARAM APAHASUWATA PATH WEEDA???
PERA PARIDIMA STRIKE KARANA AYATA SEEWAYA ATH HITAWA NAWAKA SEEWAKAYAN.GANNA OONI
EE WAGEEMA RANAWIWAN SEEWAYEE YODAWANNA OONI..