විදේශ රැකියා ඒජන්සි හිමිකරුවෙකු අත්අඩංගුවට‍

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ කම්කරු බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචා කළ විදේශ රැකිය නියෝජිත ආයතන හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

එම නියෝජිත ආයතන හිමියා තම කම්කරු බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් වෙනත් බාහිර පුද්ගලයෙකුට පවරා ඇති තිබේ.

වෙනත් බාහිර පුද්ගලයෙකු යොදවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හැට ලක්ෂයකට අධික මුදලක් අදාළ සැකකරු විසින් ලබාගෙන තිබේ.

මුදල් ගෙවූ පුද්ගලයින් විදේශගත නොකිරීම හේතුවෙන් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, මේ වන විට පැමිණිලි 41ක් අදාළ සැකකරුට එරෙහිව ලැබී ඇත.  

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46