පවුලේ අවුරුදු උත්සවයේ දී 06 හැවිරිදි දැරිය නාන තටාකයට වැටී මිය ගිහින්

පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති පවුලේ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් හෝටලයේ නාන තටාකයට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පවත්වා තිබෙනවා.

පවුල් කීපයක පිරිසක් එක්ව ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතර තුර දැරිය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පැලැන්වත්ත, පන්නිපිටිය පාර, මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉහන්සා නමෝදී පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියක්.

මෙම දැරියගේ මව විදෙස් ගතව සිටින අතර, දැරිය සිය පියාගේ සහෝදරියගේ භාරයේ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම පවුලේ අය සහ සමීප පවුල්වල ඥාතීන් 40 ක පමණ පිරිසක් ඊයේ (18) පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයට පැමිණ අවුරුදු උත්සවය පවත්වා විනෝද වී තිබෙනවා.

අනතුරුව පස්වරුවේ කුඩා දරුවන් සමඟ පුද්ගලයන් දසදෙනෙකු පමණ ජල තටාකය ආසන්නයේ රැඳී සිට ඇති අතර, වැඩිහිටි පුද්ගලයන් සඳහා ජල තටාකයේ වෙන්ව තිබෙන ප්‍රදේශයේ රැඳී සිටි දැරියගේ මාමා කෙනෙකු ජල තටාකය තුළ කළු පාට ගුලියක් වැනි දෙයක් හදිසියේම දැක ඒ පිළිබඳව සොයා බැලීමේ දී එය දැරිය බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව දැරිය කඩිනමින් ගොඩට ගෙන මූලික ප්‍රථමධාර ලබාදී පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් රෝහලේ වෛද්‍යවරුන් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්න ද, දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

සිද්ධිය වූ ස්ථානය ඊයේ (18) රාත්‍රීයේ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදුකර ඇති අතර, දැරියගේ සිරුර ද පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමුකිරීමටයි පොලිසියට නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
12
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25