මහරගම දෙමහල් නිවසක ගිනි ගැනීමක් – මව සහ දියණිය මරුට, දෙදෙනෙකුට තුවාල

මහරගම, පමුණුව පාරේ, දෙවන පටුමග ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලයේ ඊයේ (18) රාත්‍රියේ සිදු වූ ගිනි ගැනීමකින් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මවක් සහ දියණියක් වන අතර ඔවුන් වයස අවුරුදු 55 සහ 16 යන වයස්වල පසුවනවා.

තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි පියා සහ අදාළ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙක්.

නිවසේ ඇති වූ ගින්න අසල්වැසියන් විසින් නිවාදමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර, නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේ දී නිවසේ කාමරයක් තුළ මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු තිබී හමුව තිබෙනවා.

ගින්න හටගත් නිවස තුළ පෙට්‍රල් ගඳ වාහනය වී ඇති අතර, කිසියම් පුද්ගලයෙක් හෝ පාර්ශ්වයක් විසින් නිවසට ගිනි තබා ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18