හෙට දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි
එසේම අද (08) දින සිට විදුලි කප්පාදුව සිදුකරන කාලය පැය 10ක් දක්වා වැඩිවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන තොරතුරු අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ඒ බව පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ දැනට විදුලිය විසන්ධි කෙරෙන කාලසීමාව වන පැය 3යි විනාඩි 20 ද ඉදිරියේදී අඩුකිරීමට බලාපොරොත්තුවෙන බවය.













