විදුලිය විසන්ධි කළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට

කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව
ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම දැනුම් දී තිබෙනවා.

ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ රැසකට අද (30) පෙරවරුවේ සිට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව එම සංගමය දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රදේශ සඳහා විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.