විද්‍යුත් වාහන ආනයනයට අනුමැතිය

විදුලි වාහන ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපතිවරයා විසිනුයි අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණුන් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනයට මෙලෙස අවසර හිමිවනු ඇති.

දැනට පවතින ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජනය සඳහා වූ “ආයොජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන” සහ “ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ/තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු සේවා සමාගම් 100 වැඩසටහන” යන වැඩසටහන් යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස මෙම වාහන ආනයනයට අවසර හිමිවනු ඇති.

ඒ සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යාපෘතිවලට රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඩොලර් 30000 නොඉක්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

බොහෝ ආසියාතික රටවල් විසින් විදුලි වාහන සහ ප්ල්ග් ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ශූන්‍ය තීරු බදු (0%) අනුපාතයක් පැනවීමෙන් වඩාත් හිතකර ප්‍රවේශයක් අනුගමනය කර තිබෙනවා.

එම ආකර්ෂණීය දිරි ගැන්වීම් මගින් ආයෝජකයන් සහ නිෂ්පාදකයින් ආකර්ශනය කර ගැනීම මෙන්ම අනාගත අපනයන විභවයන් කෙරෙහි යොමු වීමට හැකිවන අතරම පාරිසරික ආරක්ෂාව පිළිබඳව ගෝලීය නිර්ණායකයන්ට අනුගතව කටයුතු කිරීමට ද හැකි වනු ඇති.

ඒ අනුව දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය දිරි ගැන්වීම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග දැනට ගිවිසුම්ගතව හෝ අලුතින් ගිවිසුම් ගත වන සමාගම් විසින් ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ල්ග් ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට 500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන විදුලි ද්වි රෝද රථ සහ 3000CC දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ල්ග් ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knocked-Down/SKF) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශූන්‍ය තීරු බදු (0%) ගාස්තුවක් පැනවීම පිණිසයි යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

Cabinet Decision on 11.09 scaled
Cabinet Decision on 11.092 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34