AFC Banner
Empty Ad
Empty Ad

විද්‍යාපීඨ වෙනුවට විශ්වවිද්‍යාලයක්

මින් ඉදිරියට විද්‍යාපීඨවලින් අභ්‍යාසලාභී ගුරුවරුන් බිහිවීම වෙනුවට නව විශ්වවිද්‍යාලයක් ඇති කර ඉන් වසර 04ක උපාධිය සහ ගුරු පුහුණුව සහිත ගුරුවරුන් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, අනුව දැනට පවතින විද්‍යාපීඨ 19 එක්කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ හරහා වසර හතරක උපාධියක් සහ ගුරු පුහුණුවකින් පසු ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරුන් පන්ති කාමරයට යවන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?