ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි – අමාත්‍යාංශ 15ක් තිදෙනකු අතරේ බෙදෙයි (වීඩියෝ හා නිවේදනය)

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.

අද (24) පස්වරුවේ මෙම කැබ්නට් මණ්ඩලය දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ 15කට බෙදා තිබෙනවා.

නමුත් එම අංශ 15 ජනාධිපති, අගමැති හා එක් කැබිනට් අමාත්‍යවරයෙකු වටා කේන්ද්‍රගත වී ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති හා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශ සියල්ල ම දේශපාලන විධායකය වන ජනාධිපති යටතේ පවතිනවා.

අග්‍රාමාත්‍ය තනතුරට හිමිව ඇත්තේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු, සෞඛ්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා, ළමා හා තරුණ කටයුතු ක්‍රීඩා ආදි අමාත්‍යාංශයි.

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් විජිත හේරත් හට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය, ප්‍රවාහන ක්ෂේත්‍රය, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර හා වනජීවී, ග්‍රාමීය හා නාගරික සංවර්ධන යන අංශවල වගකීම හිමිව තිබෙනවා.

WhatsApp Image 2024 09 24 at 17.33.17 2
WhatsApp Image 2024 09 24 at 17.33.19


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39