අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩක් – අගමැති හරිනි අමරසූරිය (වීඩියෝ)

අද දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ අද පස්වරුවේ අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් පසුවයි.

නව අග්‍රාමාත්‍යවරිය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඇය මෙරට තුන්වැනි අගමැතිනියයි.