විජයදාසට වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන අයට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (20) වාරණ නියෝග නිකුත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝග නිකුත් කළා.

ඉකුත් 12 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන අය පත් කරගෙන තිබුණා.

එම පත් කිරීම් ශ්‍රී ලංකාව නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විජයදාස රාජපක්ෂ සහ කීර්ති උඩවත්ත යන අය එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ශවයක වැඩ බලන ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය කොළඹ දිසා අධිකරණ කලාපයේ පදිංචිකරුවන් බවට තහවුරු කර නොමැති නිසා සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකර පාර්ශවයට දිසා විනිසුරුවරයා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා අවසර ලබා දුන්නා.

ඒ, අනුව පැමිල්ලිකාර දුමින්ද දිසානායකගේ නීතිඥවරු එදිනම අදාළ පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අද (20) දින සලකා බැලීම සඳහා අධිකරණය විසින් එදින නියම කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විජයදාස රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

” ස්වාමීනී මෙම නඩුකරයට අදාළව ඔබතුමා විසින් ලබාදුන් නියෝග දෙකකට එරෙහිව විත්තිකරුවන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා. එය මේ අවස්ථාව වන විටත් අධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් පවතිනවා. එම නිසා සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නියෝගයක් ලබාදෙන තුරු මෙම නඩුවේ කරුණු සලකා බැලීමක් නොකරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම අවස්ථාවේ දී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව පැමිණිලිකරු සිය පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා දැනට ඉදිරිපත් වී ඇති කරුණු මත නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වූ විජයදාස රාජපක්ෂගේ පාර්ශවයේ නීතිඥවරු තම පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව විනිසුරුවරයාට පෙන්වා දුන්නා.

මෙම කරුණට අදාළව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් මෙවැනි නියෝගයක් නිකුත් නොකරන ලෙසත් එම නීතිඥවරු තරයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඊට අදාළව ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන පැමිණිල්ලෙන් ආයාචනය කර තිබෙන වාරණ නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි.

එම අවස්ථාවේ දී විජයදාස රාජපක්ෂගේ පාර්ශවය නීතිඥවරු හා පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ තනතුරු වලට පත්කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් බැලූ බැල්මටම ගැටලුවක් මතුවන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් විජයදාස රාජපක්ෂ පත්කිරීම වළක්වාලමින් දැනටමත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි සිහිපත් කළ විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් වී මාසයකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ඒ පිළිබඳව කිසිවකු අභියෝගයක් කර නොමැති බව සඳහන් කර සිටියා.

ඒ, අනුව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා එම වාරණ නියෝග ජුනි මස 03 වනදා දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26