වැසිකිළි වළක තිබී හමුවූ සුරූපී තරුණියගේ සැඟවුණ කතාව

පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම කාන්තාව කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවක සේවයට පැමිණ දිනක් පමණ වන බව එහි හිමිකරුගෙන් අනාවරණය වූ බව එම නිලධාරියා කීය.

මෙම කාන්තාව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 26 හැවිරිදි දෙදරු මවක බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.

කාන්තාවගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් ඉකුත් 28 වැනිදා රාත්‍රී විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වන දුටු ඇයගේ මිතුරකු පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් හෝඩුවා රැසක් ලබාදුන් බව එම නිලධාරියා කීය.

එම කාන්තාව පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කාමරයේ ගත කරන අතරවාරයේදී ගීතයකට අනුකූලව මුව විවර කරමින් එම ගීතය ගායනා කරන අයුරින් සිදු කරන ලද නිරූපණයක් දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් ඇප් එකක් හරහා ඇයගේ මිතුරා වන එම පුද්ගලයා වෙත ලැබී තිබියදී පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

කාන්තාව ඉකුත් 26 වැනිදා නිවාඩු නිකේතනයේ කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවකු ප්‍රකාශ කළ ද අනෙක් සැකකරුගෙන් එවැනි තොරතුරක් අනාවරණය නොවන බවත් පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නිවාඩු නිකේතනයේ කළමනාකරු ඇතුළු තිදෙනා අතර නිවාඩු නිකේතනයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතකු වන පිටස්තර පුද්ගලයකු ද සිටින බවත්, එම පුද්ගලයා තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයකු ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙකී කාන්තාවට අයත් අත් බෑගය සැකකරුවන් නිවාඩු නිකේතනයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන ස්ථානයක පුළුස්සා තිබූ හෙයින්, ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40