Indian Premier League

වැවේ දිය නාන්න ගිය සිසුවෙක් මරුට

මැටියගනේ මහවැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ උදෑසන දිය නෑමට ගිය මෙම සිසුවා දියේ ගිලී අතුරුදන්ව ඇති බවට නාරම්මල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

18 හැවිරිදි මෙම සිසුවා දඹදෙණිය මාරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පාසල් සිසුන් 9 දෙනෙකු වැවෙහි දිය නෑමට ගොස් ඇති අතර එහිදීයි එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ.

අනෙක් සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් සිසුවා සොයාගෙන දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබුණා.

ඒ වන විටත් එම සිසුවා මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය දඹදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?