වැඩ වර්ජන අද පෙරවරු 8ට අවසන්

සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8ට අවසන් කෙරෙනවා.

ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙනුයි අද පෙරවරු 8ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

ගුරු විදුහල්පති සංගම් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් පාසැල් පද්ධතියට ද බලපෑම් එල්ල වුණා.

කෙසේවෙතත් අද දිනයේ ගුරු – විදුහල්පතිවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ද වර්ජනයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

එහෙත් ඊයේ පෙරවරුවේ මෙන්ම පස්වරුවේ ද සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි කොළඹ කොටුවේ සිට දුම්රිය ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කළ බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?