වළ දැමු පඬු කරඳ ශාක කොටස් මහේස්ත්‍රාත් අධික්ෂණය යටතේ ගොඩ ගනී

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ වළ දමා තිබූ (crudia zeylanica) පඬු කරඳ ශාකයේ කොටස් අද (28) ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගොඩ ගනු ලැබුවා.

ගොඩ ගනු ලැබූ ශාක කොටස් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය වෙත රැගෙන ගිය අතර එම උද්‍යාන භූමියේ දී ශාකයේ කඳ කොටස රෝපණය කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගොඩගත් මෙම ශාකය නැවත රෝපණය කිරීමට හැකියාවක් තිබේ ද යන්න සොයා බැලීමට ශාකයේ සාම්පල ලබා ගන්නා බව උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂිකා අචලා අත්තනායක මහත්මිය වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ශාකය පඬු කරඳ ශාකය ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා ගොඩගත් ශාක කොටස්වල සාම්පල දැව සංස්ථාව විසින් ලබා ගැනීමට ද නියමිතයි.

වළ දමා තිබූ පඬු කරඳ ශාකය ගොඩගැනීමේ අවස්ථාවට ගම්පහ දිසා වන කාර්යාලයේ නිලධාරීන්, අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23