Port City පාටියකට ගිය තරුණයෙක් සහ තරුණියක් ජීවිතක්ෂයට

කොළඹ, වරාය නගරයේ (Port City) පසුගිය 28 වැනිදා පැවති සාදයකට සහභාගී වූ තරුණයෙක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වරාය පොලිසිය පවසනවා.

පසුගිය 28 වැනිදා වරාය නගරයේ වෙරළ තීරයක පැවති ‘EDM සංගීත ප්‍රසංගයකට’ සහභාගී වූ වැල්වැටිතුරය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් සහ, මේ වන තෙක් පොලිසිය විසින් ස්ථිර පදිංචිය තහවුරු නොකර ගත් 29 හැවිරිදි තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණිය වෙරළ තීරයේ වැටී සිටියදී එය දුටු පිරිසක් විසින් ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබූ අතර පසුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය, වරාය නගරය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබියදී හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

එමෙන්ම මෙම මරණ සඳහා හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බවට දැනට අනාවරණය වී ඇති බවත් වරයා පොලිසියේ නිලධාරියෙක් අප කළ විමසිකදී සඳහන් කළා.

කෙසේ වෙතත් ජීවිතක්ෂයට පත්වූ තරුණයා සහ තරුණිය අතර සම්බන්ධයක් හෝ හැඳුනුම්කමක් පැවතියේද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57