වසර 07කට පසු ෂී ජින්පිං 400කට වැඩි දූත පිරිසක් සමග ඉන්දියාවට

චීන ජනාධිපති ෂී ජින්පිං ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන BRICS රාජ්‍ය නායක සමුළුවට 400කට ආසන්න නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශාල දූත පිරිසක් සමඟ සහභාගි වීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

සැප්තැම්බර් 12 සහ 13 දෙදින නවදිල්ලියේ පැවැත්වෙන BRICS සමුළුවට ෂී ජින්පිං සහභාගි වුවහොත්, එය 2019 වසරෙන් පසු ඔහුගේ පළමු ඉන්දීය සංචාරය වනු ඇති.

ඉන්දීය ආරංචි මාර්ග තුනක් පවසන්නේ චීන නිලධාරීන් මේ වන විට හෝටල් වෙන්කිරීම් සහ ආරක්ෂක සැලසුම් අවසන් කරමින් සිටින බවයි.

2019 සංචාරයේදී ෂී ජින්පිං සමඟ පැමිණි දූත පිරිස 200කට අඩු වූ අතර, මෙවර එය දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් විය හැකි බවද සඳහන්.

මෙම සංචාරය 2020 ලඩාක් දේශසීමා ගැටුමෙන් පසු උණුසුම් වූ ඉන්දු-චීන සබඳතා යළි සාමාන්‍යකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

2024 ඔක්තෝබර් මාසයේදී රුසියාවේ කසාන් නගරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ෂී ජින්පිං හමුවීමෙන් පසු දෙරටේ සබඳතා ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48