වසන්තගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතිවිරෝධී යයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දුන්නා.

පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති විරෝධතා තුළින් තවත් වගඋත්තරකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ඔවුන් ද මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට එකඟ වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නා.

එමෙන්ම එම සංශෝධනවලට අදාළව යම් විරෝධතා ඇත්නම් ඒවා ද ගොනුකරන ලෙසයි නීතිපතිවරයාට නියෝග කළේ.

සංශෝධිත පෙත්සමේ අලුතින් වගඋත්තරකරුවන් ලෙස නම් කරන පුද්ගලයින් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

අතර පෙත්සම යළි සලකාබැලීම සඳහා නොවැම්බර්10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40