වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට රංජිත් ආරියරත්න

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත්කර තිබෙනවා.

අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රංජිත් ආරියරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙකු වන අතර මීට පෙර ඔහු තැපැල්පති ලෙස ද කටයුතු කළා.