වප් පොහෝ දා වෙහෙර විහාරස්ථාන අඳුරේ – සහායට දේවස්ථානත් එක්වෙයි

වප් පොහොය දී ඇති අද (09) දිනයේ දී වෙහෙර විහාරස්ථානවල සිදුකෙරෙන ආගමික කටයුතු විදුලි ආලෝකය දැල්වීමකින් තොරව සිදුකිරීමට ඇතැම් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළ කරමින්.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පා අද (09) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කිරීමට කොළඹ අගරදගුරු පදවිය ද තීරණය කර ඇති බව වාර්තා වුණා.

ඒ,අනුව කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇති බව සිරිල් ගාමිණී පියතුමන් ඊයේ සඳහන් කළා.

විහාරස්ථානවල පහන් නිවා තැබෙන අද පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දේවස්ථාන ද අඳුරේ තබන බවයි පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ වැඩි වූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (08) ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51