ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීමක් සිදුකර පාසල් ළමුන්ට හා උපකාරක පන්ති ළමුන්ට ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් ඊයේ (10) දින උදෑසන ගල්නෑව නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
ගංජා මිශ්‍ර කුඩා පැකට්ටු 94 ක්, ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15 ක් හා ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21 ක් වශයෙන් ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 296 ක් සමඟ අත්අඩංගුවට ගෙන ති බායි පොලිසිය පවසන්නේ.
සැකකරු අවුරුදු 23 ක් වන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගල්නෑව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.













