ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත්වීම සඳහා දරන උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මොහ්සින් රාසා නක්වි අද (11) ඉරානයේ ටෙහෙරාන් නගරයට පැමිණ ඇති බව ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.
රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ සාකච්ඡා සඳහා නක්වි අද (11) අලුයම ඉරාන අගනුවර වෙත ළඟා වී ඇති බවයි.
ඒ අනුව, මොහ්සින් රාසා නක්වි විසින් ඉරානයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් හමුවී යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධව සකච්ඡා කිරීමට නියමිතයි.













