spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වප් පොහෝ දා වෙහෙර විහාරස්ථාන අඳුරේ – සහායට දේවස්ථානත් එක්වෙයි

වප් පොහොය දී ඇති අද (09) දිනයේ දී වෙහෙර විහාරස්ථානවල සිදුකෙරෙන ආගමික කටයුතු විදුලි ආලෝකය දැල්වීමකින් තොරව සිදුකිරීමට ඇතැම් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළ කරමින්.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පා අද (09) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කිරීමට කොළඹ අගරදගුරු පදවිය ද තීරණය කර ඇති බව වාර්තා වුණා.

ඒ,අනුව කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇති බව සිරිල් ගාමිණී පියතුමන් ඊයේ සඳහන් කළා.

විහාරස්ථානවල පහන් නිවා තැබෙන අද පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ දේවස්ථාන ද අඳුරේ තබන බවයි පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ වැඩි වූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (08) ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?