වනිඳුව ලක්නව් සංචිතයෙන් ඉවතට දමයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට වෙනත් ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ලක්නව් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි දින දෙක ඇතුළත මෙම ආදේශක ක්‍රීඩකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

අයි.පී.එල් සඳහා තවමත් ක්‍රීඩා කර නොමැති දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩේ හසරංගගේ ආදේශකය ලෙස නම් කිරීමට ඉඩ ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී වනිඳුගේ වම් පාදයේ මස්පිඬු ආබාධයකට ලක් වූ අතර, ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැහැ.

එමෙන්ම වනිඳු අයි.පී.එල් තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය වන නිල අවසරය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටිය යුතු අතර, ඔහු තවමත් එම පරීක්ෂණයට පෙනී සිට නැහැ.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගඉන්දීය රුපියල් කෝටි 02ක මුදලකට මිල දී ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
22
+1
1
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59