වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි

තිරුක්කෝවිල් පොලිස් වසමේ වට්ටමඩු ප්‍රදේශයේදී ඊයේ (23) වන අලියෙක් පහරදීම හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 63 ක් වූ නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගවයින්ට තණකොළ කපමින් සිටියදී මොහු මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය තිරුක්කෝවිල් රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත්කර ඇති අතර තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted