වත්මන් ලෝක ශූරයෝ ඕලන්දයට නොදෙවැනි වීමේ තරගයක

නෙදර්ලන්තය සහ එංගලන්තය අතර අද එක්දින තරගයක් පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 40 වැනි තරගය ලෙසටයි.

දෙරට අතර තරගය අද පස්වරු 02ට පූනේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඉවතට විසි වී තිබෙනවා.

වත්මන් ලෝක ශූරයින් වන එංගලන්තය පැවති තරග 07න් 01ක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.

නෙදර්ලන්තය පසුවන්නේ මුහුණ දුන් තරග 07න් දෙකක් ජය ගනිමින්, ලැයිස්තුවේ 09 වැනි ස්ථානයේ යි.

එබැවින් එංගලන්තයට යම් තාක් දුරකට හෝ ජාමේ බේරා ගැනීමට නම්, අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?