තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පැවැත්වෙනවා.

තරගය රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.

තුන්කොන් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පසුගිය දා පැවැත්වුණු අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37ක පරාජයක් අත්විදීමට සිදුවුණා.

තරගාවලියේ දෙවන තරගය පෙරේදා පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වුණු අතර, එම තරගයෙන්ද පාකිස්ථානය ලකුණු 87ක ජයක් වාර්තා කළා.

ඒ අනුව අද (22) පැවැත්වෙන තරගය තරගාවලියේ ඉදිරි ගමන සඳහා කණ්ඩායම් දෙකමට වැදගත් වනවා.