නොරොච්චෙලේ ජනන යන්ත්‍ර තුනම හෙට සවස් වනවිට යථා තත්ත්වයට

අක්‍රිය වූ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම හෙට (23) සවස් වන විට නැවත යථා තත්ත්වයට පත්කළ හැකි බව බලාගාරයේ අධ්‍යක්ෂක, ඉංජිනේරු එම්.ඩී.නාලක කුමාර පවසනවා.

මේ අතර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක නොරොච්චෝලේ බලාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණා.