ඕස්ට්‍රේලියාවේ සිදුවන සැකසහිත වැඩක් ගැන අමෙරිකාවෙන් චීනයට චෝදනා

ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශීය සම්භවයක් සහිත ජන ප්‍රජාවන් ඉලක්ක කර චීනයට සම්බන්ධ බවට සැක කෙරෙන මර්දනකාරී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, එරට ජනතාව බියගැන්වීම්වලින් සහ විදේශීය මැදිහත්වීම්වලින් ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගෙන යන ප්‍රයත්නවලට ඇමරිකාවේ සහාය හිමිවන බවයි.

“ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් ඉලක්ක කර චීනයට සම්බන්ධ බවට සැක කෙරෙන දේශසීමා ඉක්මවා සිදුකරන මර්දන ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා දැඩි කනස්සල්ලට හේතුවක්” බව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

විදේශීය රාජ්‍යයන් තම රටින් පිටත ජීවත්වන පුද්ගලයන්ට බලපෑම් කිරීම, බියගැන්වීම හෝ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සීමා කිරීමට උත්සාහ කිරීම, දේශසීමා ඉක්මවා සිදුකරන මර්දන ක්‍රියාකාරකම් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ නිශ්චිත සිදුවීම් පිළිබඳ විස්තර මෙහි සඳහන් කර නැහැ.