ලෝඩ්ස් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි – ශ්‍රී ලංකාවට ඉතිහාස ගතවීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ එංගලනත්ය අතර ලෝඩ්ස් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 483ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් පිටුපසින් සිටිනවා.

තරගයේ තුන්වන දිනයවන ඊයේ (31) දිනට තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න ලකුණු 23ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 03ක් ලබාගෙන සිටියා.

එංගලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වූ අතර,

ඒ, අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඇති ඉලක්කය ලකුණු 483ක්.

සිය පළමු ඉනිම සදහා එංගලන්තය ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරගයක දී වැඩිම සාර්ථක ලකුණු හඹායාම ලෙස ලකුණු 342ක් දැක්වෙන අතර,1984 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් එම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු 483ක ඉලක්ක හඹා ගොස් තරගය ජයගතහොත් ජාත්‍යන්තර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව ඉතිහාස ගත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30