spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක නායකයින්ට සහ හමාස් නායකයින්ට ඊශ්‍රායල හිටපු ආරක්ෂක ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානය මාර්තු 10 වනදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆා වෙත පහර දෙන බවට ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික Benny Gantz අනතුරු අඟවා තිබෙනවා.

ගාසා තීරයේ ජනාකීර්ණ දකුණු නගරයට තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින රෆාහි එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ගෝලීය විරෝධය වැඩෙමින් තිබෙනවා.

මීට පෙර, එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල වැටලීමකින් පසු ගාසා තීරයේ ප්‍රධාන රෝහලක් වසා දැමීමට සිදුවූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ තත්වය තක්සේරු කිරීම සඳහා රෆාට උතුරින් පිහිටි ඛාන් යුනිස් හි නසාර් රෝහලට ඇතුළු වීමට තමන්ට අවසර දී නොමැති බවයි.

හිටපු ආරක්ෂක ඇමති Gantz අනතුරු ඇඟවූයේ රාමසාන් වන විට ප්‍රාණ ඇපකරුවන් තම නිවෙස්වල නොසිටින්නේ නම්, රෆා ඇතුළු සෑම තැනකම සටන් දිගටම පවතිනු ඇති බව ලෝක නායකයින් සහ හමාස් නායකයින් සිහි තබා ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?