හෙරොයින් සම්බන්ධයෙන් ඔත්තුවක් දුන් අයෙක්ගේ නිවසකට ගිනි තියලා

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් බෝධියාවත්ත, හතරවන පටුමගේ පිහිටි නිවසකට ඇතුළු වූ පුද්ගල කණ්ඩායමක් විසින් ඊයේ (15) සවස එම නිවසට පෙට්‍රල් දමා ගිනිබත්කොට තිබෙනවා.

නිවසට ගිනි තබන අවස්ථාවේ එම නිවසේ හිමිකරු, ඔහුගේ මව සහ තවත් පුද්ගලයෙක් නිවස තුළ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් එක් පුද්ගලයෙක්ට සුළු පිළිසුම් තුවාල සිදුව තිබෙනවා.

මෙලෙස ගිනි තබා ඇත්තේ, මාසයකට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ඔත්තුවක් ලබාදුන් පුද්ගලයෙක්ගේ නිවසක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය ඇතුළු පොලිස් අංශ කිහිපයක් විමර්ශන සිදු කරනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන් පැමිණ ගින්න පැතිරීම පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56