ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා ගැන පාකිස්තානය සහ සෞදිය අතර කතාබහක්

ඉරානය සහ අමෙරිකාව අතර යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් දෙරට අතර ද්වී පාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය ආරම්භ වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වුණා.

එම සකච්ඡාවල පළමු වටය පසුගිය දා පාකිස්ථානයේ දී නිමාවට පත්වුණේ එකඟතාවයකින් තොරවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවල ඉදිරිය පිළිබදව සහ වැදගත්කම පිළිබදව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් අතර කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ සෞදි රාජ්‍යයේ සිදු ක‍රන ලද සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.