Friday, January 10, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ලෝක ආහාර වැඩසටහන යටතේ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ ‘මියුරියේට් ඔෆ් පොටෑෂ්’ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා 2024‑05‑06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊට අදාළ ත්‍රෛපාර්ශ්විය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem -Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් 2024‑09‑20 දින අත්සන් තබා ඇති බවයි අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

එකී පොහොර තොගය රැගත් නෞකාව අද දින මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ නිල උත්සවය අනිද්දා (12) දින කොළඹ වරායේ දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් ‘වී හා වෙනත් භෝග’ සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවීන් වෙත බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?