ලෝක ආහාර වැඩසටහනෙන් ලැබුණු පොහොර තොගය ලාල්කාන්තගේ දෝතට (වීඩියෝ)

ශ්‍රී ලංකා රජයට ලෝක ආහාර වැඩසටහන යටතේ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් හිමි වුණා.

අද (12) පෙරවරුවේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ගොස් පිළිගනු ලැබුවා.

ලෝක ආහාර වැඩසටහන යටතේ ‘මියුරියේට් ඔෆ් පොටෑෂ්’ පොහොර තොගයක් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා 2024‑05‑06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.

ඊට අදාළ ත්‍රෛපාර්ශ්විය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem -Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් 2024‑09‑20 දින අත්සන් තබා ඇති බවයි පසුගියදා (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එකී පොහොර තොගය රැගත් නෞකාව පෙරේදා (10) දිනයේ දී මෙරටට පැමිණි අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ නිල උත්සවය අද මේ අයුරින් කොළඹ වරායේ දී සිදු කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් ‘වී හා වෙනත් භෝග’ සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවීන් වෙත බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58